‘Lucky Luke’ නැත්නම් අපි අතර වඩාත් ප්රසිද්ධ ‘Kawda Boy (කවුද බෝයි)’ කියන්නේ වයස භේදයක් නැතුව හැමෝම ආසා කරන කාටූන් මාලාවක්. හැබැයි කවුද බෝයි නිර්මාණය වෙන්නේ මුලින්ම කාටූනයක් විදිහට නම් නෙමෙයි.
මොරිස් කියන බෙල්ජියම් ජාතික පුවත්පත් කාටූන් ශිල්පියෙකු තමයි 1946 දී කවුද බෝයි කියන චරිතය ලෝකයට හඳුන්වලා දෙන්නේ. ඔහු 1955 වසර වෙනකන් වසර 09ක් පුරාවටම මේ අපුරු චරිතය ගැන කාටූන් සිතුවම් ඇන්ඳා.

1955 සිට 1977 දක්වා කාලය තුළදී රෙනේ ගොස්සින්නි සමඟ එකතු වෙලා මොරිස් නැවතත් කවුද බෝයි කාටූනය නිර්මාණය කළ අතර 2001 දී මොරිස් මරණයට පත් වෙනතුරු ඔහු විසින් විවිධ රචකයන් යොදාගෙන මේ චරිතය පවත්වාගෙන ආවා. ඊට පස්සේ අච්ඩේඒ කියන කාටූන් ශිල්පියා විසින් තවත් රචකයන් සමඟ මේ චරිතය නිර්මාණය කළා.
හැබැයි කතාවෙන් කියන්න යන්නේ නම් කවුද බෝයි ගැන නෙමෙයි, අයියලා සෙට් එක ගැන. නැත්නම් ලොක්කයියා, ජූන්ඩයියා, සිමයියා, මොටයියා කියලා අපි කවුරුවත් දන්න කවුද බෝයිගේ ලොකුම හතුරන් සිව්දෙනා ගැනයි.
මේ සිව්දෙනාම ඇත්ත ජීවිතයේ සිටි අපරාධකාරයන් සිව්දෙනෙක් කිව්වොත් ඔබ පිළිගන්නවද? මේ ලිපිය ඒ ගැනයි.
අයියලා හතර දෙනා හෙවත් Dalton සොහොයුරෝ

අපි අයියලා හතර දෙනා කිව්වාට මෙයාලාගේ ඇත්ත නම් තමයි Dalton Brother නැත්නම් ඩාල්ටන් සහෝදරයෝ කියන්නේ. මෙයාලාට ඉංග්රීසි කතාවේ නම් දීලා තිබුණේ ජෝ, විලියම්, ජෝන් සහ ඇවරෙල් ඩාල්ටන් කියලා. හැබැයි 1951 වසරේ දි නිකුත් වූ Hors-la-loi කියන චිත්රකතාවේදී තමා මේ හතර දෙනවා මොරිස් මුල්ම වරට හඳුන්වා දුන්නේ. එහිදී එයා අයියලා හතර දෙනාව නම් කළේ බොබ්, ග්රාට්, බිල් සහ එමට් නමින්.
සෑහෙන්න කාලයක් ප්රබන්ධයක් ලෙස ගලාගෙන ගිය කවුද බෝයි කතාමාලවට ප්රථම වතාවට මොරිස් විසින් සැබෑ ජීවිතයේ සිදුවීම් හඳුන්වා දෙන්නෙත් මේ කතා මාලාව හරහායි.

මොරිස් විසින් Hors-la-loi තුළින් ඩෝල්ටන් කල්ලිය මුලින්ම හඳුන්වා දුන්නාට පස්සේ ඔවුන් සිව්දෙනාවම ඝාතනය කරන්න තීරණය කරනවා. එහිදී බැංකුවක් කොල්ල කන්න ගිහින් මේ සිව්දෙනාගෙන් එමට් හැරෙන්න අනිත් තිදෙනාම වෙඩි වැදී මිය යනවා. එමට් (ලොක්කයියා) තුවාල ලබලා අත්අඩංගුවට පත් වෙන අතර වසර 14කට සිරගෙදරට යනවා. ඒත් මේ චරිත 04ම පාඨකයන් අතර සෑහෙන්න ජනප්රියත්වයට පත්වීම නිසා මොරිස් තීරණය කරනවා නැවත වරක් මේ සිව්දෙනාවම වෙනස්ම ආකාරයකට හඳුන්වා දෙන්න. ඒ අනුව විහිළු සහගත, අඥාවන්ත, කරන හැම වැඩක්ම නැති කරගන්න විහිළු චරිත කරලා තමා මෙයාලාව නැවත වරක් හඳුන්වලා දෙන්නේ.
සැබෑ ජීවිතයේ ඩාල්ටන් සහෝදරයෝ

අමෙරිකාවේ ඉතිහාසයේ සැබෑවටම ජීවත් වූ අපරාධකාරයන් කණ්ඩායමක් තමයි ඩාල්ටන් සොහොයුරන් කියන්නේ. වර්ෂ 1890 සහ 1892 අතර කෙටි කාලය තුළ ඔවුන් විසින් කැන්සාස්, ඔක්ලහොමා, ඉන්දියානා සහ කැල්ෆෝනියා යන ප්රාන්තවල බැංකු සහ දුම්රිය කොල්ලකෑම් රැසකටම සම්බන්ධ වෙලා හිටියා.
හැබැයි මෙයාලා කවුරුවත් කාටූන් එකේ අපි දැක්කා වගේ කණ්ඩායමක් විදිහට වැඩ කරලා නැහැ. වෙන වෙනම වැඩ කරලා අපරාධ රැසක් සිදුකරලා තිබුණා.
මෙයාලාගෙත් නම් වුණේ ගාර්ට්ටන් (ග්රාට්) සොහොයුරන්ගේ වැඩිමලා අපි කාටූන් මාලාවේ මොටයියා විදිහට දකින්නේ මෙයාව. දෙවනියා විලියම් (බිල්) කාටූන් එකේ සිමයියා විදිහට දකින කෙනා, රොබට් (බොබ්) කාටූන් එකේ ජූන්ඩයියා විදිහට දකිනවා අන්තිමට සොහොයුරන්ගේ බාලයා ලොක්කයියා නැත්නම් එමට් ඉන්නවා.
1892 වසරේ ඔක්තොම්බර් 05 වනදා මේ සොහොයුරන් සිව්දෙනාගෙන් ග්රාට්, රොබට් සහ එමට් ඩාල්ටන් කියන තුන්දෙනා තවත් අපරාධකරුවන් දෙදෙනෙකු වූ ඩික් බ්රොඩ්වෙල් සහ ටිම් එවන්ස් සමඟ එකතු වෙලා කැන්සාස් හී කොෆිවිලා ප්රදේශයේ බැංකුවක් කොල්ලකෑමට යනවා. එක බැංකුවක් කොල්ල කෑමෙන් නතර නොවුණු මේ පස්දෙනා තවත් බැංකුවක් කොල්ල කෑමට කටයුතු කරනවා.

හැබැයි ඔවුන් කිසිවෙකුට දෙවන බැංකුව කාලා පලා යන්න කොෆිවිලා ජනතාව ඉඩ ලබාදුන්නේ නැහැ. දෙපිරිස අතර වෙඩි හුවමාරුවක් සිදුවනවා. එහිදී ග්රාට්, රොබට්, ඩික් සහ ටිම් යන සිව්දෙනාම වෙඩි වැදී මිය යනවා. මේ උඩ ඡායාරූපය දිහා බැලුවොත් ඔයාලාට ඒක දැකගන්න පුළුවන්. එමට් බරපතළ තුවාල ලබලා ජීවිතය බේරාගන්න සමත් වෙනවා.
ඔහුව පසුව වසර 14ක සිරගෙදරට නියම වෙනවා. පසුව හිරෙන් නිදහස් වෙලා ගෞරවාන්විත මිනිසෙකු ලෙස සිය ජීවිතය ගෙවන්න ඔහු තීරණය කරනවා. 1937 දී ඔහු මිය ගිය බවයි සඳහන් වන්නේ.
ඩාල්ටන් සොහොයුරන්ගෙන් ඉතිරි වෙලා හිටපු අනිත් සොහොයුරා තමා විලියම් නැත්නම් බිල් කියන්නේ. ඔහු මේ කාලය ඇතුළේ වෙනම කල්ලියක් නිර්මාණය කරගෙන හිටියා. පසුව ඔහු විසින් බිල් ඩූලින් කියන කොල්ලකාර කණ්ඩායම නායකත්වයට පත්වෙලා දුම්රිය කොල්ලකෑම්, බැංකු කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ වෙලා හිටියා.
කෙසේ වෙතත් 1896 වසරේ අගෝස්තු 24 වනදා ඔහුවද වෙඩි තබා ඝාතනය කරනු ලබනවා. මේ පහළින් තියෙන පෝස්ටර් එක එකළ බිල්ට වෙඩි තබපු මාෂල් හෙක් තෝමස් ගැන පළ වුණු එකක්.

ඉතින් මේ විදිහට තමා අපි කවුරුත් ආස කරන කවුද බෝයි කාටූන් මාලාවේ අයියලා හතර දෙනාගේ චරිත නිර්මාණය වීමට පාදක වුණු සැබෑ ජීවිතේ ඩාල්ටන් සොහොයුරන්ගේ ඉරණම විසඳෙන්නේ.
කාටුන් එකෙත් ඒ විලන් ටයිප් එක තිබ්බනම් මරු කියලත් හිතෙනවා😁
ජය වේවා. ගුඩ් කොන්ටෙන්ට්
Wow එක සුපිරි
ඒක මරු දිගටම ලියමූ
සංජේ, ඔයාගේ blog අඩවිය මාතලන්ගේ සින්ඩිය වගේ සින්ඩිවලට ඇතුළු කරන්නැයි කියා යවන්න. මට නම් ඉතාම හොඳ ප්රතිචාර ලැබුණා ඒ හැමගෙන්ම.
ජය වේවා.