Scooby Doo කියන්නේ ඇත්තටම ෂැගීගේ මනස්ගාතයක්ද? මේ පිළිබඳව ලෝකයේ බොහෝ දෙනා අතර කතාබහක් ඇති වෙලා තිබෙනවා. ඒ අනුව තමයි “Fan Made Theory නැතිනම් ප්‍රේක්ෂකයන්ගේ න්‍යායන්” නිර්මාණය වෙන්නේ. ඉතින් මේ විදිහට නිර්මාණය වුණු ප්‍රසිද්ධම න්‍යායන් 03ක් පිළිබඳවයි මේ අවධානය යොමු කරන්නේ.
01. ආර්ථික අර්බුද න්‍යාය (Post-Depression Theory)
ස්කූබි ඩූ කාටූන් නිර්මාණය වුණේ අමෙරිකාවේ කියලා හැමෝම දන්න දෙයක්. අමෙරිකාවේ කාලයකට කළින් ලොකු ආර්ථික අර්බුදයක් ඇතිවෙලා වුණා. මෙම ආර්ථික අර්බුදය ඒ වෙද්දී අමෙරිකාවේ හිටපු ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්, ධනවතුන්, තාක්ෂණික ශිල්පීන්, ක්‍රීඩකයන් ඇතුළු බොහෝ දෙනෙකුට දැඩි ලෙස බලපා තිබුණා.
ඉතින් මේ සමහර අය ආර්ථික අර්බුදය නිසා තමන්ට වුණු හානිය වළක්වා ගන්න කියලා හිතලා යක්ෂයන්, භූතයන්, රාක්ෂයන් ලෙස වෙස් වලාගෙන විවිධ අපරාධ කරන්නත්, සොරකම් කරන්නත් පෙළඹී තිබුණා කියලා මෙම න්‍යාය ඇතුළේ කතා කරනවා. ඉතින් ෂැගී සහ එයාගේ මිතුරන් මේ යක්ෂයන්, භූතයන් කවුද කියලා හොයාගෙන ගවේෂණයක් අතර දී මෙම අපරාධකරුවන් සැබෑවටම කවුද කියලා සොයාගන්නා ආකාරය අපි කාටූන් එක ඇතුළේ දකිනවා කියලයි ප්‍රේක්ෂකයන් සිය න්‍යායන් ඇතුළේ සඳහන් කරන්නේ.
ඊට අමතරව ස්කූබි ඩූ මුල්ම කාටූන් කාලයේ දී මෙයාලා විශ්වවිද්‍යාලය යන්න ඕන වයසේ සිසුන් වුණත් කිසිම දවසක අධ්‍යාපන කටයුතුවල නිරත වෙන්නේ නැහැ. ඊට හේතුව විදිහටත් මේ ප්‍රේක්ෂක න්‍යාය ඇතුළේ කතා කරලා තිබුණේ ආර්ථික අර්බුදය හමුවේ සියලු පාසල් සහ විශ්ව විද්‍යාල වසා දමා තිබීම කියලයි ඔවුන් වැඩිදුරටත් කියන්නේ.
02. මත්ද්‍රව්‍යයට හුරු වූ ෂැගීගේ න්‍යාය (Drug-Induced Reality)

මේක න්‍යාය තමා ලෝකයේ බොහෝ දෙනෙකුගේ දැඩි කතාබහකට ලක්වුණු න්‍යාය වන්නේ. ඒ තමයි ෂැගී කියන්නේ මත්ද්‍රව්‍යවලට හුරු වෙලා ඉන්න කෙනෙක් කියන එකයි. ෂැගී පාසල් යන කාලයේ ගොඩාක් වෙලාවට තනියම ඉන්න කෙනෙක් විදිහට ඉඳලා තියෙනවා. ඒ වගේම වෙල්මා, ඩැෆ්නී සහ ෆ්‍රෙඩී කියන්නේ පාසලේ දී ෂැගීට හිරිහැර කරපු පිරිසක් කියලා මෙම ප්‍රේක්ෂක න්‍යාය ඇතුළේ කතා කරනවා.
ෂැගී දෙමාපියන් පොහොසත් අය බවත්, ඒ නිසා ෂැගීට මුදල් යමින් ලැබුණු බවත් ප්‍රේක්ෂයන් විසින් මෙහිදී මතයක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ නිසාම ෂැගී පාසලේ හිරිහැර අමතක කරන්නත් එක්ක මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවෙලා සිටියා කියලත් මෙම න්‍යාය ඇතුළේ කතා කරනවා. ඉතින් මේ දැඩි මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීම නිසා ෂැගී විශ්වාස කරනවා එයාගේ මිය ගිය සුරතල් සුනඛයා නැත්නම් Scooby Doo ජීවතුන් අතර ඉන්නවා කියලත්, එයාට කතා කරන්න පුළුවන් කියලත්. ඒ වගේම එයාට පාසලේ දී දැඩි ලෙස හිරිහැර කරපු වෙල්මා, ඩැෆ්නී සහ ෆ්‍රෙඩී හොඳම යාළුවෝ කියල් මත්ද්‍රව්‍යවල බලපෑම් අනුව විශ්වාස කරනවා.
ෂැගී තමන්ගේම ලෝකයක් මවාගෙන එහි තුළ සිටිමින් තමන් මවා ගත්ත යාළුවෝ පිරිසක් සහ කතා කළ හැකි සුනඛයෙක් සමඟ ත්‍රාසජනක සංචාරයක නිරත වෙලා ඉන්නවා කියලයි මෙම න්‍යායායේ මතය වන්නේ.
03. යුද්ධයෙන් පලා යන තරුණ කල්ලිය (The Gang is on the Run)

Scooby Doo Cartoon මාලාව ආරම්භ වන්නේ 1960 දශකයේ දී. ඒ වෙද්දී අමෙරිකාව විසින් වියට්නාමය යටත් කරගැනීමේ යුද මෙහෙයුමක් ආරම්භ කරලා තිබුණා. ඉතින් අමෙරිකානු හමුදාවෙන් යුද්ධය සඳහා අවශ්‍ය තරුණ තරුණියන් එකතු කරමින් සිටි නිසා ෂැගී, ෆ්‍රෙඩී, ඩැෆ්නී සහ වෙල්මා එයින් වැළැකීමට පලා යමින් සිටියා කියලා මෙම න්‍යායයේ සඳහන් වනවා. එතනදී ෂැගී කියන්නේ යුද විරෝධියෙකු බවත්, ඔහු සිය සුරතලා ස්කූබි ඩූ සමඟ එක්වෙලා මෙම ගමනට එකතු වෙලා හිටියා. ඒ වගේම වෙල්මාත් යුද විරෝධියෙකු ලෙස කටයුතු කරන කෙනෙක්.
ෆ්‍රෙඩී කියන්නෙත් හමුදා පාසල අත්හැරලා දාලා යුද්ධයෙන් ඉවත් වෙලා යමින් සිටි කෙනෙක්. ඒ වගේම ඩැෆ්නි කියන්නේ උසස් අධ්‍යාපනය ලබන සමයේ ෆ්‍රෙඩීගේ පෙම්වතිය වුණු අතර ඇයට ෆ්‍රෙඩී යුද්ධයෙන් මිය යයි කියන බය නිසාම ෆ්‍රෙඩී එක්ක එකතු වෙලා මෙම සංචාරයට එකතු වෙලා ඉන්නවා.

ස්කූබි ඩූ කාටූන් එක ගැන තියෙන Fan Made Theory තමයි මේ. මෙම සියලු දේවල්ම ප්‍රේක්ෂකයන් විසින් කාටූන් එක නරඹලා තමන්ට හිතෙන අදහස්වලින් නිර්මාණය කරපු දේවල් විතරයි. ඇත්තම කාටූන් එක නිර්මාණය සඳහා මෙම කරුණු හේතුවෙලා නැහැ කියන එකත් මතක් කරන්න ඕන. ඒ වගේම මෙම න්‍යායන් නිසා කාටූන් එක ගැන වෙනස් විදිහකට දකින්නත් ඔබට අවස්ථාවක් තියෙනවා.
❤️
හොඳ ලිපියක්.. 👏🏼 දිගටම ලියන්න.. ❤️
❤